ඔබ සිහින දැක තිබෙනවාද? සිහිනයකදී කිසියම් ගමනක් යද්දී එය නිමවී යා යුතු තැනට යන්නට නොහැකි වී එක තැන ටැග්වී ඉන්නා අත්දැකීම ලැබී තිබෙනවාද? එසේ තිබෙනවා නම් එවැනි අත්දැකීමක් චිත්‍රපටයකින් ලබා ගත හැකි තැනක් තමයි ජෆාර් පනාහි ගේ මිරර් චිත්‍රපටය.
මේ චිත්‍රපටය පටන් ගන්නේ ප්‍රාථමික පාසලක් ඇරිලා ලමුන් එළියට දුවගෙන එන කලබැගෑනියක් එක්ක. ඉන්පසු මේ කලබැගෑනිය ක්‍රමයෙන් පහවන විට තිරයේ ඉතුරු වෙනවා එක් දැරියක්; වයස අවුරුදු 7-8ක විතර එක අතක් බිඳී උරමාවකින් එල්ලා ගෙන ඉන්නා. ඇය පාසල ඇරී ගෙදර රැගෙන යන්නට කවුරු හෝ එනතුරු ඉන්නවා වගෙයි. එක් අවස්ථාවක දී පාසලෙන් එළියට එන පාසලේ සේවය කරන කාන්තාවකට ඇය ප්‍රකාශ කර සිටිනවා තමා ගෙදර රැගෙන යන්නට වෙනදා එන අම්මා තවම පැමිණියේ නැති බව.එතැනදී ඒ කාන්තාව කරන්නේ එය වගකීමක් සේ නොගෙන මග හැර යාම. එහෙත් නැවත නැවතත් මේ දැරිය ඇය වෙතම එනකොට, ඇය මේ දැරිය අම්මා සමඟ ගොස් බසයට නගින බස් නැවතුම්පොලට ඇරලවීමට ස්කූටරයකින් එන ආගන්තුකයෙකුට බාර දෙනවා. මේ ආගන්තුකයා ඇය බස් නැවතුමට ඇරලවන අතර (මේ අතරතුර තව බොහෝ සිද්ධි සිදුවෙනවා. ඒවා චිත්‍රපටිය බලන අයට බාධාවක් වන නිසා කියන්නේ නැහැ ) ඉන් පසු ඇරඹෙන්නේ ගෙදර යාමට නැගිය යුතු බසය හරි හැටි නොදැන එක් බසයකින් තවත් බසයකට මාරුවෙමින් ඇය කර ගෙන යන අරගලය.
චිත්‍රපටය බලන උදවිය අර අප දකින හීනයේ දී වගේ ඉවසිල්ලේ සීමාව පැන නින්දෙන් අවදි වන අවස්ථාව වගේ නොඉවසිලි අවස්ථාවකට ජාෆර් අපව රැගෙන යනවා. එතැන දී මේ කුඩා දැරිය එකපාරටම “මට තව දුරටත් මේ රඟපෑම කරන්න බැහැ. මට ගෙදර යන්න ඕනේ” කියා උරමාවත් අතට දමා තිබූ ප්ලාස්ටරයත්, පාසල් නිල ඇඳුමත් ගලවා ඉවත ලනවා. එතකොට තමයි චිත්‍රපටය බලන අපත් අප සිටි හීනෙන් අවදි වන්නේ. මේක චිත්‍රපටයක ජවනිකාවක්. දැරිය එහි නිළියක්. දැන් තිරයේ ඉන්නේ ඇය සහ ෆිල්ම් කෲ එක.
මේ චිතරපටය මේ වන තෙක් මම බලමින් උන්නේ මගේ බිරිඳත් එක්ක. භාව ලීල සහිත චිත්‍රපට ප්‍රිය කරන ඇය මේ දක්වා පුදුම උද්යෝගයකින් හා නොඉවැසිල්ලකින් බලා හිටියේ මේ ලමයා ගෙදර යයිද නැත්නම් මගදී වෙන අලකලංචියක් වෙයිද කියන කුතුහලයෙන්. මේ සිදුවීමත් එක්ක ඇගේ බලාපොරොත්තු බිඳ වැටී, “මේ මොන විකාරයක්ද?” කියා චිත්‍රපටය බැලීමෙන් ඉවත්ව අනෙක් ඇලයට හැරී ඇය නින්දට යනවා. (මට මතක් වන්නේ ධර්මසේන පතිරාජගේ “පාරදිගේ” චිත්‍රපටය නරඹද්දී එක් අවස්ථාවක ඉවසීමේ සීමාව පැන සමහර ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවෙන් නැගිට ඉවත්ව ගිය හැටි ) ඒත් චිත්‍රපටයේ අපූරුතම ප්‍රතිබිම්බ අවස්ථාව පටන් ගන්නේ ඊට පස්සේ. එතැන් පටන් චිත්‍රපටයේ දිවෙන්නේ මේ දැරිය තනිවම තමන්ගේ ගෙදර සොයාගෙන යන්නට කරන අරගලය. ඇය දන්නවා ගෙදර තිබෙන්නේ කොහේද යන වග. ඒත් යන පාර දන්නේ නැහැ.
ඔබත් කැමති නම් පහත ලින්ක් එකෙන් චිත්‍රපටය බලන්න පුලුවන්. ඔබ දැක පුරුදු චිත්‍රපට ලෝකයෙන් ඔබ්බට ඔබව ජාෆර් ගෙනයාවි ඒ සඳහා ඔබට ඉවැසිල්ලක් තිබුනොත් විතරක්.
ස්තුතියි .අපූරු චිත්රපටියක් .!
කැමතියිLiked by 1 person
ඔව්, පනාහි පමණක් නොවෙයි ඉරාන නවරැල්ලේ තව බොහෝ සිනමාකරුවන්ගේ චිත්‍රපට අන්තර්ජාලයේ යූටියුබයේ තිබෙනවා. ඒවා සොයා ගෙන නරඹන්න. මාත් මින් පස්සේ මේ බ්ලොගයේ ඒවා ගැන ලියා තබන්න හිතුවා.
කැමතියිකැමතියි